01- Reproduction ratio/magnification යනු කුමක්ද?
Reproduction ratio නැත්නම් magnification යනු ඡායාරූපකරණය (විශේෂයෙන්ම මැක්රෝ ඡායාරූප ලබාගැනීමේදී) තුල බහුලවම භාවිතා වන යෙදුමක් වන අතර, යම් වස්තුවක් කැමරා සෙන්සරය මත පැහැදිලිව සාදන ප්රතිබිම්බයක විශාලත්වය, සහ එම වස්තුවේ සැබෑම විශාලත්වය අතර අනුපාතය මෙසේ හඳුන්වනු ලබනවා.
මෙය පරිගණකයේ තිරය මත හෝ කැමරාවේ තිරය මත පෙන්වන ඡායාරූපයේ විශාලත්වය සමඟ වරදවා වටහා ගත නොගත යුතුයි.
Reproduction ratio = size of the image on the sensor : actual life size
Magnification= size of the image on the sensor/ actual life size
උදා:
උස සෙ.මී 5ක් වන වස්තුවක්, සෙන්සරය මත සාදන ප්රතිබිම්බයේ උස සෙ.මී.1ක් නම්,
Reproduction ratio = 1/5 = 1:5 = 0.2x
Reproduction ratio එක වැඩි වන තරමට, යම් වස්තුවක් ඡායාරූපයේ සටහන් වන ප්‍රමාණය විශාල වේ. එසේ ලබාගත හැකි උපරිම ප්‍රමාණය (Lens එකේ minimum focusing distance එකේදී) maximum reproduction ratio එක ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන lens එකක එම අගය 1:1 ට වඩා අඩු අගයක් (1:2, 1:3, 1:10…) ගන්නා අතර macro lens වලදී මෙම අගය 1:1 සහ ultra macro lens වලදී ඊටත් වඩා වැඩි අගයන් (2:1, 2.5:1, 5:1…) ලෙස දක්නට ලැබෙනවා.
1:1 = 1x
Sony FE 90mm f/2.8 G
Nikon 105mm f/2.8G (NIKKOR)
Canon EF 100mm f/2.8
Tokina 100mm f/2.8
2:1 = 2x
Laowa 100mm f/2.8 2x
Laowa 60mm f/2.8 2X
ඉහත රූපයේ දක්වා ඇති පරිදි, Sony 90mm f/2.8 Macro lens එකක reproduction ratio පරාසය එම lens එක මත ලා නිල් පැහැයෙන් දක්වා ඇත. Focus Distance එක වෙනස් වන ආකාරය තැඹිලි පැහැයෙන් (ඒකක අඩි ලෙස) සහ සුදු පැහැයෙන් (ඒකක මීටර ලෙස) දක්වා ඇත. ඒ අනුව minimum focusing distance එක වන මීටර 0.28 අගයේදී, මෙම lens එක මගින් ලබා ගතහැකි උපරිම විශාලන අනුපාතය (maximum reproduction ratio) වන 1:1 (1x) ලබාගත හැකිය.
වැඩිදුර අධ්‍යයනය සඳහා උදාහරණ කිහිපයක් පහතින් දක්වා ඇත.