Close up, macro, extreme macro & micro photography අතර වෙනස කුමක්ද ?

  • Macro, close up, extreme macro and micro photography අතර වෙනස ඔබ දන්නවාද ? නැතිනම් ඒ සියල්ලම එක සමානද?

  • කාසියක ඡායාරූපයක් ලබාගෙන (ජංගම දුරකථනය භාවිතා කර), පහත දැක්වෙන පරිදි crop කරගත් විට, එය macro photograph එකක් ලෙස හැදින්වීමට හැකිද??

  • පෙර සඳහන් කර එක් එක් ඡායාරූප ආකාරයන් ලබාගැනීම සඳහා යොදාගත හැකි lenses සහ වෙනත් උපකරණ මොනවාද ?

  • බහුතර point and shoot මාදිලියේ කැමරා වල දක්නට ඇති “macro option” යනු කුමක්ද?

මෙම බ්ලොග් ලිපිය කියවීමෙන් පසු, ඉහත ප්‍රශ්න විසඳා ගැනීමට ඔබට හැකිවනු ඇත. මින් ඉදිරියට යාමටනම්, ඡායාරූපකරණයේ reproduction ratio සහ magnification පිලිබඳව ඔබ දැනගෙන සිටීම අනිවාර්ය වේ. ඒ පිළිබඳ මූලික අදහසක් ලබා ගැනීම සඳහා01- Reproduction ratio/magnification යනු කුමක්ද? යන මගේ පෙර ලිපිය ඔබට පරිශීලනය කර හැකිය.


Macro photography

අඩුම තරමේ 1:1 reproduction ratio එකක් (නැතිනම් 1X විශාලනයක්) ඇති ඡායාරූපයක් macro ඡායාරූපයක් ලෙස හැදින්විය හැකිය. නැතිනම් ඔබ ඡායාරූපයකට හසුකර ගන්නා යම් වස්තුවක ජීව ප්‍රමාණයටම සමාන ප්‍රමාණයේ ප්‍රතිබිම්බයක් සෙන්සරය මත (හෝ පටලය මත) ඇතිවිය යුතුය.

sensor එක මත (හෝ පටලය මත) ඇතිවන යම් වස්තුවක ප්‍රතිබිම්බයේ විශාලත්වය= එම වස්තුවේ සත්‍ය විශාලත්වය

මෙම විශාලත්වයන් සංසන්දනය කිරීමේදී සෑම විටම සෙන්සරය මත හෝ පටලය මත ඇතිවන ප්‍රතිබිම්බයේ විශාලත්වය උපයෝගී කරගත යුතුය. එය පරිගණක තිරයක් මත පෙනෙන ඡායාරූපයක හෝ සංස්කරණය මගින් විශාලත්වය වෙනස් කල ඡායාරූපයක විශාලත්වය (උදා: මා ඉහත සඳහන්කල කාසියේ ඡායාරූපය) සමඟ වරදවා වටහා නොගත යුතුය.

1: 1 reproduction ratio එකක් සඳහා නිෂ්පාදනය කල macro lens එකක් භාවිතා කර, පහසුවෙන්ම 1:1 විශාලත්වයකින් යුත් (macro) ඡායාරූපයක් ලබා ගැනීමට ඔබට හැකිය.

(උදා: Sony 90mm f/2.8 G, Nikon 105mm f/2.8 G, Canon 100mm f/2.8, Tokina 100mm f/2.8..යනාදී).

ඒ සදහා එම කාචයේ අවම නාභීය දුර ප්‍රමාණයෙන් ඡායාරූප ලබා ගත යුතුය (වස්තුව සහ කැමරා සංවේදකය අතර දුර). කැමරා සංවේදකයේ පිහිටුම තලය (sensor plane) බොහෝ කැමරා වල සලකුණු කර ඇත.

මීට අමතරව, macro ඡායාරූපයක් ලබා ගැනීමට උපයෝගී කරගත හැකි බොහෝ විකල්ප ක්‍රම ඇත. එම ක්‍රම පිලිබව වෙනම බ්ලොග් ලිපි කිහිපයකින් විස්තර කෙරේ.

Macro photography සඳහා උදාහරණ කිහපයක් පහතින් දක්වා ඇත.


Close up photography

අප ඇසට හුරු පුරුදු වූවාට වඩා සමීපව හා විස්තරාත්මකව (much detail)පෙන්වන ඕනෑම ඡායාරූපයක් (නමුත් විශාලන අනුපාතය 1: 1 ට වඩා අඩු විය යුතුය) close up ඡායාරූපයක් ලෙස සාමාන්‍යයෙන් හැඳින්විය හැකිය.

බොහෝ point and shoot කැමරා වල “Macro” option එකක් දක්නට ලැබේ. මෙය සමහර ජංගම දුරකතන වල පවා දක්නට ලැබේ. එම ක්‍රමයි මගින් යම් කුඩා වස්තුවක් පැහැදිලිව ඡායාරූපයකට හසුකර ගැනීමට් ඔබට අවස්තාවක් ලබා දේ. නමුත් මෙසේ ලබා ගන්නා බොහෝමයක් ඡායාරූප වල magnification ratio එක 1:1 ට වඩා පහල අගයක පවතී. එම නිසා ඒවා close-up photography (macro photography නොවේ) කාණ්ඩයට අයත් වේ.

Close up photography සඳහා උදාහරණ කිහපයක් පහතින් දක්වා ඇත.


Extreme macro and micro photography

Extreme macro and micro photography සඳහා සම්මත පරාසයක් හෝ නිර්වචනයක් නොමැත.

  • Macro photography  : 1:1 magnification ratio : (උදා: සාමාන්‍ය macro lenses හෝ වෙනත් අතිරේක ක්‍රම භාවිතයෙන්)

  • Extreme macro   : 1:1 සහ 10:1 magnification ratio අතර (මෙය 1:1 සහ 5:1 අතර ලෙසද හැදින්වේ) : (උදා: Extreme macro/ microscope lenses හෝ වෙනත් අතිරේක ක්‍රම භාවිතයෙන්.

  • Microphotography  : 10:1 සහ ඊට වැඩි magnification ratios   : (Ex: Microscope equipment භාවිතයෙන්)

Extreme macro and micro photography සඳහාඋදාහරණ කිහපයක් පහතින් දක්වා ඇත

More sample photographs: Extreme Macro-Damith Danthanarayana Photography — Damith Danthanarayana

Extreme macro ඡායාරූපයක් ලබාගන්නා ආකාරය විතර කෙරෙන ලිපියක්: 02-Extreme macro photography-behind the scenes (01)


Close up, macro, extreme macro and micro photography සඳහා භාවිතා කළ හැකි උපකරණ මොනවාද?

Close up, macro, extreme macro and micro photography සඳහා භාවිතා කළ හැකි කාච, උපාංග සහ උපකරණ රාශියක් ඇත. එම අයිතමයන් පිළිබඳව වෙනත් ලිපි කිහිපයකින් විස්තර කෙරේ.

Damith Danthanarayana

I am Damith Danthanarayana, basically a Mechanical Engineer from Sri Lanka.

Photography is my passion but not my profession. Since 2015, nature, wildlife and macro photography has been a major part of my life.

https://www.damithdanthanarayana.com/
Previous
Previous

What is the difference between close-up, macro, extreme macro & micro photography?

Next
Next

01- Reproduction ratio/magnification යනු කුමක්ද?