Sony World Photography Awards-2022

Sony World Photography Awards යනු ලෝකයේ දැනට පවත්වන විශාලතම සහ පිළිගැනීමෙන් වැඩි ඡායාරූප තරඟ වලින් එකකි. මෙය වාර්වාෂිකව සංවිධානය කරනු ලබන තරඟයක් වන තර, ලොව පුරා සිටින ඡායාරූප ශිල්පීන්ට මේ සඳහා නොමිලේම ඡායාරූප ඉදිරිපත් කිරීමට හැකිය. මෙහි ඡායාරූප විනිශ්චය කරනු ලබන්නේ එම ක්ෂේත්‍රයේ වඩාත්ම ගෞරවනීය පුද්ගලයින්ගෙන් සැදුම් ලත්, විශේෂිත විනිශ්විචය මණ්ඩලයක් විසිනි. මෙම තරගයේ ජයග්‍රාහකයින් වෙත වටිනා ත්‍යාග සහ පිළිගැනීමක් ලබා දෙන අතර සෑම වසරකම විශාල මුදල් ත්‍යාගයන් සහ නවතම Sony ඩිජිටල් කැමරා උපකරණ පිරිනමනු ලබයි.

“Sony World Photography Award” තරගාවලිය Open competition, Professional competition, Youth competition සහ Student competition යන ප්‍රධාන කාණ්ඩ හතර යටතේ පැවැත්වේ.

01) Open competition

අවසාන දිනය: 2022.01.07

මේ සඳහා, විවිධ අනු කාණ්ඩ දහයක් යටතේ තනි ඡායාරූප තුනක් නොමිලේ ඉදිරිපත් කළ හැකිය. එම ඡායාරූප සියල්ලම 2021 වසරේ ලබාගත් ඒවා වීම අනිවාර්ය වේ. අවසානයේදී එක් සමස්ථ ජයග්‍රාහකයෙක් (Overall Winner: Open Photographer Of The Year), තරග අංශ සියල්ලටම වෙන වෙනම ජයග්‍රාහකයින් (Category Winners: ONE per each category) සහ එක් එක් කාණ්ඩ අංශය සදහා ජයග්‍රාහක ලැයිස්තුවක් (Category Shortlisted: Up to 15 per each category) තෝරාගණු ලබයි. මෙයට අමතරව තෝරාගත් රටවල් කිහිපයක තරගකාරුවන්ට “National & Regional Awards” සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාවද හිමිවේ. ලාංකික ඡායාරූප ශිල්පීන්ටද මේ වටිනා අවස්ථාව උදා වී තිබේ.

www.worldphoto.org

02) Professional competition

අවසාන දිනය: 2022.01.14

මෙය විවිධ අනු කාණ්ඩ දහයක් යටතේ පැවැත්වෙන අතර, එක් කාණ්ඩයකට පින්තූර 5 සිට 10 දක්වා ඉදිරිපත් කළ හැකිය. Professional category එක සඳහා කිසිඳු මුදලක් අය නොකරයි. පළමු, දෙවන සහ තෙවන ස්ථාන වලට අමතරව, එක් එක් උප කාණ්ඩ සඳහා ජයග්‍රාහී ලැයිස්තුවක් ද (ඡායාරූප ශිල්පීන් 7ක් දක්වා) තෝරාගනු ලබයි. මින් එක් සමස්ත ජයග්‍රාහකයෙකුට හෝ ජයග්‍රාහිකාවකට “වසරේ ඡායාරූප ශිල්පියා/ ශිල්පිනිය” සම්මානය සදහා සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවේ. මේ සඳහා විශාල මුදල් ත්‍යාගයන් මෙන්ම වටිනා Sony ඡායාරූප උපකරණද ත්‍යාග වශයෙන් හිමිවේ.

03) Youth competition

වයස අවුරුදු 12 සිට 19 දක්වා තරුණ ඡායාරූප ශිල්පීන් සඳහා මෙම තරග කාණ්ඩය විවෘතව ඇත. 2021 ජුනි 1 සිට දෙසැම්බර් 31 දක්වා විවිධ තේමාවන් යටතේ මාසික තරඟ පැවැත්වන අතර එක් තරගකරුවෙකුට මසකට පින්තූර තුනක් දක්වා ඇතුළත් කිරීමට අවස්ථාව උදා වේ. විනිසුරුවන් විසින් මාසිකව තෝරාගන්නා ජයග්‍රාහකයින්ට, වසරේ තරුණ ඡායාරූප ශිල්පියා (Youth Photographer of the Year-2022) වීමට අවස්ථාව හිමිවේ.

04) Student competition

ඡායාරූපකරණ විෂයට සම්බන්ධ පාඨමාලාවක් හදාරන, වයස අවුරුදු 18 සිට 30 දක්වා ඕනෑම අයෙකුට මේ සදහා නොමිලේ ඇතුළත් විය හැකිය. ඔබේ ආයතනය මෙහි ලියාපදිංචි වී ඇත්දැයි පරීක්ෂා කරන්න. එසේ නොවේ නම්, ඔබට ඔබේ ආයතනය මෙහි ලියාපදිංචි කළ හැකිය. ශ්‍රී ලංකාවේ “National Association of Photographers (napsl)” සංගමය දැනටමත් මෙහි ලියාපදිංචි වී ඇත.


Competition එකට සහභාගි වීමට: https://www.worldphoto.org/sony-world-photography-awards

2021 වසරේ ජයග්‍රාහකයින්: https://www.worldphoto.org/2021-winners-and-shortlist-galleries

2020 වසරේ ජයග්‍රාහකයින්: https://www.worldphoto.org/sony-world-photography-awards/winners-galleries/2020

2019 වසරේ ජයග්‍රාහකයින්: https://www.worldphoto.org/2019-winners-and-shortlist-galleries


 
Damith Danthanarayana

I am Damith Danthanarayana, basically a Mechanical Engineer from Sri Lanka.

Photography is my passion but not my profession. Since 2015, nature, wildlife and macro photography has been a major part of my life.

https://www.damithdanthanarayana.com/
Previous
Previous

What is the reproduction ratio/ magnification?

Next
Next

What is the difference between close-up, macro, extreme macro & micro photography?